මුදල් අමාත්‍යංශයේ නිහඬතාවය නිසා සෞඛ්‍ය 19දා සිට නැවත වර්ජනයක්

මුදල් අමාත්‍යංශයේ නිහඬතාවය නිසා සෞඛ්‍ය 19දා සිට නැවත වර්ජනයක්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දීමනා වැඩිකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදුන් වාර්තාවට මුදල් අමාත්‍යාංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් එම නිහඬතාවයට විරෝධය දක්වමින් මාර්තු 19 වෙනිදා සිට වර්ජනය නැවත ආරම්භ කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකයෙක් “වැඩබිම“ පැවසීය.

ඔහු වැඩිදුරත් පවසා සිටියේ, සෞඛ්‍ය ඇමතිවරයා ගැටළුව විසඳීමට උපරිම උත්සාහ ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සියළු පාර්ශව ජයග්‍රහණය කරවොය හැකි තාක්ෂණික වාර්ථාවක් ලබා දී තිබෙනවා. රජයේ පාර්ශවයෙන් විශාල ධනාත්මක මැදිහත්වීමක් තිබෙනවා.

නමුත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික බව හේතුවෙන් සාකච්ඡාමය විසඳුමකට යා හැකි ඉඩ කඩ ඇහිරිලා තිබෙනවා.

මේ තත්ත්වය මත 19 වනදා සිට වර්ජනයක් ආරම්භ කරන බවත්,  රෝගීන්ට සිදු විය හැකි අපහසුතාවයන්ගේ පූර්ණ වගකීම, සාකච්ඡා මගහරින නිලධාරී භාරගත යුතුයි.