සෞඛ්‍ය සටනට දින දෙයි

සෞඛ්‍ය සටනට දින දෙයි

“වෛද්‍ය වරුන්ගේ ප්‍රශ්නය දින තුනෙන් විසදන්න පුලුවන්නම් මාස ගණනක් ගතවෙලත් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු විසදන්න තව තවත් කල්මරන්න දෙන්න බැහැ"  ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති , සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු ඩබ්. ඒ. ඩි. විමලරත්න මහතා මේ බව සඳහන් කලේ සෞඛ්‍ය සේවකයින්ගේ දීමනා ගැටලුව විසඳීමට මුදල් අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදුන් විසඳුම් යෝජනාවලට විසදුම් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (15) දින පැවැති මාධ්‍ය හමුවකදීය.

“අපට ජනතාවට කියන්න පණිවිඩයක් තියෙනවා. ඔබව දුකට පිඩාවට පත්කරන එක නොවෙයි අපේ අරමුණ. රජයේ අමාත්‍යංශ හා මුදල් අමාත්‍යංශයට වුවමනා කරන්නේ මේ ප්‍රශ්න විසදන්න නෙවෙයි වැඩිකරන්න. 19 වනදා අපි වෘතීය සමිති අරගලය නව වටයකින් නැවතත් ආරම්භ කරනවා. මේ සටන අවසන් කරනවා නම් ඒ අපේ සටනේ ජයග්‍රහණයෙන්ම  පමණයි බව විමලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ, “මේ අරගලය රත්කරන්න, පුම්බන්න, පෙන්නන්න අපිට අවශ්‍ය නෑ. ආණ්ඩුව එක්ක ගැටුමක් ඇතිකරගන්න වුවමනවකුත් නැහැ. රෝගීන්ගේ සේවාව අඩාල කරන්න උවමනාවකුත් නෑ. රජයේ මැදිහත් වීමෙන් තමන්ගේ හැන්දෙන් තමන්ට බෙදාගෙන අනෙකුත්  සෞඛ්‍ය වෘතීන්ට බරපතල අසධාරණයකට  ලක්කරලා.”

එහිදී නායකත්ව මණ්ඩලය විසින් සියලුම සෞඛ්‍ය සේවකයින් මාර්තු 19, 20 දෙදින පැය 4ක් සේවාවෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමටත්, මාර්තු 21 දින නියෝජිත සම්මේලනයක් කොළඹදී පවත්වා මාර්තු 26  එක්දින වැඩවර්ජනයක් සමගින් සියලු සෞඛ්‍ය වෘත්තීකයින් කොළඹට රැස්කර දැවැන්ත උද්ගෝඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කරන ලදි.