සෞඛ්‍ය වර්ජනය තාවකාළිකව අතහැර දමයි

සෞඛ්‍ය වර්ජනය තාවකාළිකව අතහැර දමයි

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මගින් 19 සහ 20 දෙදින තුළ සිදු කිරීමට කිරීමට සූදානම්ව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය සතියකින් කල් දැමීමට අද (19) රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව එහි නායකයෙක් "වැඩබිම" සමග පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඉදිරි දින කීපය තුළ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාව සූදානම්ෙ කර ඇති බව ලිඛිතව දැන්වීම නිසා මෙම තීරණය ගැනීමට සන්ධානය තීරණය කරන ලද බවත්, රෝගීන්ට සිදුවන අපහසුතාවය සලකා හැමවිටම වර්ජන ක්‍රියාමාර්ගවලින් තොරව අපගේ ඉල්ලීම දිනා ගැනීමට උත්සාහ කරන අතරම ඉල්ලීම දිනා දීම ප්‍රමාද කරන්නේ නම් හෝ අතපසු කරන්නේ නම් ඕනෑම අවස්ථාවක නැවත වූ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම්ව සිටින ලෙස සමස්ත සාමාජිකත්වයට කාරුණිකව දන්වා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.