ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 නව ප්‍රබේද කළ හැකි බලපෑම

sri-lanka-medical-council

කොවිඩ් 19 නව ප්‍රෙබ්ද හුමුවීමත් සමග අවධාරණය කළ යුතු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

ලෝකයේ සමහර රටවල් කොවිඩ් 19 නව ප්‍රෙබ්ද හමුවීමත් සමඟ ඒ ගැන විශේෂ අවධානයක් යොමුවී ඇති බව පෙනේ. මේ අතර ශ්‍රී ලංකාවෙන්ද නව ප්‍රෙබ්ද හමුවීම සිදුවිය. වේගයෙන් පැතිරෙන මිත්‍ය මතද ලාංකික සමාජය තුළ දැඩි බලපෑමක් ඇතිකරන බව පෙනේ.

එහෙත් අවශ්‍ය වන්නේ විද්‍යාත්මක කරුණු මත නිසි අවබෝදයකින් කටයුතු කිරීම බබ අවධාරණය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය බලාපොරොත්තු වෙයි. එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය මෙන්ම දකුණු අප්‍රිකාණු රටවලින් කොවිඩ් 19 නව ප්‍රෙභ්ද හමුවීමක් අසල්වැසි ඉන්දියාවේනද නව ප්‍රෙබ්ද වාර්තාවීම ගැන මාධ්‍ය වාර්තා පල වීමත් සමග නිසි අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මනාව ඉස්මතු වෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 නව ප්‍රබේද කළ හැකි බලපෑම

පසුගිය වසරේ අප මුහුණදුන් කොවිඩ් 19 වෛරසයේ බලපෑම වැඩි වශයෙන් සිදුවූ කාණ්ඩ කිහිපයක් විය. වැඩිහිටියන් ඇතුළු සමහර නිදන්ගත රෝග සහිත විශේෂිත කණ්ඩාම් වලට දරුණු සංකූලතා ඇතිවීම හා ඇතැම් විට මරණ පවා සිදුවීම අප අත් වින්දෙමු.

නව ප්‍රබේද විසින් ඇති කරන රෝගය පැතැරයාමේ සීග්‍රතාව වැඩිය. එබැවින් පුද්ගලයින් වැඩි ගණනකට රෝග ලක්ෂණ මතුවීමත්, වැළඳුණු විට ඇතිවන සංකූලතා වැඩිවීමත්, මරණ සිදුවිමට සාපෙක්ෂව වැඩි ඉඩක් තිබීමත් මෙහිදී පෙන්වා දිය හැකිය.

එන්තන්කරණය යනු කොවිඩ් 19 වෛරසයට එරෙහි එක් ක්‍රියාමාර්ගයක් පමණි. එන්නත් කළද, ඉන්පසුවත් දිගින් දිගටම මෙතෙක් අප අනුගමනය කල සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කෙරේ. එමගින් රෝග ව්‍යාප්තිය අවම කර මරණ සිදුවීම පාලනය කරගැනීමට හැකිවන බව අවධාරණය කෙරේ. එසේම මිත්‍යා මත වලට නොරැවටී නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමද මහජනතාවගේ වගකීමක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙයි.