දේශපාලන බලහත්කාරයෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අවලංගු කර ඇති බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරී සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,
මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අනුයුක්තව තම මාසික ජීවන වියදම පිරිමසා ගැනීමටවත් නොසරිලන මූලික වැටුපකට පමණක් හිමිකම් කියමින් අවම පහසුකම් යටතේ තම සේවාව ඉටු කරන 300 කට ආසන්න රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් සාධාරණ පදනමකින් තොරව දේශපාලන බලහත්කාරය යොදවා කිසිදු සාධාරණ හේතුවකින් තොරව අත්තනෝමතික ලෙස ස්ථානමාරු අවලංගු කර ඇත.
විධිමත් ස්ථානමාරු පටිපාටිය පවා නොසලකා හරිමින් වාර්ෂික ස්ථාන මාරු මණ්ඩලයේ තීන්දු අත්හිටුවමින් සිය ගෝල බාලයන්ගේ මඟ පෙන්වීම මත හිතුවක්කාර ලෙස සිදුකරන මෙම ස්ථාන මාරු හේතුවෙන් සමස්ත වෛද්‍ය සේවාවම අවුල් සහගත තත්ත්වයකට ලක් කර ඇත.
එක් අතකින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව අකර්මණ්‍ය කිරීම තුළ මෙම බලහත්කාරයට මඟ පාදා ඇති අතර, නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව උපාය මාර්ග තෝරමින් සුබසාධන සේවාවක් ලෙස පවතින සෞඛ්‍ය සේවයේ කොටසක් වන ආයුර්වේද සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමේ වග වීමෙන් නිදහස් වීමට පවතින බාධා අවම කර ගැනීමට ද රජය මේ හරහා උත්සාහ දරා ඇත.
