වතුකරයේ අවුරුදු 200 සැමරුමට සංස්කෘති අංගයක් සමග විරොධතා පාගමනක් (Photo)

වතුකරයේ අවුරුදු 200 සැමරුමට සංස්කෘති අංගයක් සමග විරොධතා පාගමනක් (Photo)

ශ්‍රී ලංකාවේ කඳුකර ජනතාවගේ වසර 200 ක ජීවිතයේ කලාත්මක, සංස්කෘතික සහ බහු සංස්කෘතික අංගයන් පිළිබිඹු කරන පාගමනක් පසුගියදා හැටන් හිදි පැවැත්විණි.

කඳුකර ජනතා ගෞරවය සුරැකීමේ සංවිධානය සහ ජාතික ක්‍රිස්තියානි කමිටුව, ලංකා සභාව, මෙතෝදිස්ත දේවස්ථානය ඇතුළු පියතුමන්ලා විසින් මෙම පාගමන සංවිධානය කර තිබුණි. එම පෙරහැර සඳහා ගොවියන්, කම්කරුවන්, සිසුන්, ඇතුළු ප්‍රදේශයේ ජනතාව මෙම සැමරුමට සහභාගී විය.

මෙම පාගමන මල්ලියාපුරම් හන්දියෙන් ආරම්භ වී හැටන් නගරය හරහා ඩී.කේ.ඩබ්ලිව් රැස්වීම් ශාලාව දක්වා දක්වා ගමන් කරන ලදි.

පරම්පරා ගණනාවක් තිස්සේ අමානුෂික හා අවමන් සහගත තත්වයන් යටතේ ජීවත්වීමට බලකෙරී ඇති වතුකරයේ අවුරුදු 200 සැමරුම සනිටුහන් කරමින් ඉඩම් සහ ජාතිකත්ව අයිතිය ඉල්ලා සිටියහ.

දෙමල ජනතාව ඉන්දියාවේ සිට වතුකරයට පැමිණීමේ එම සංවත්සර සැමරුම මේ වසරේ (2023) පෙබරවාරි මාසයේදී නුවරඑළියේ දී පැවැත්වීමට නියමිතව ඇත.