ඇඟලුම් සේවකයන් 20000ක් බෝඩිම්වල කොටුවෙලා

ඇඟලුම් සේවකයන් 20000ක් බෝඩිම්වල කොටුවෙලා

වැටුප් හා කෑම බීම නොමැතිව ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 20,000කට අධික පිරිසක් නේවාසිකාගාරවල කොටුවී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

වැටුප් හා කෑම බීම නොමැතිව ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 20,000කට අධික පිරිසක් නේවාසිකාගාරවල කොටුවී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

කොරෝනා වසංගතයට ප්‍රබලවම මුහුණපා සිටින්නේ කටුනායක හා බියගම කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලා වන අතර දුර පළාත්වලින් පැමිණි නේවාසික සේවකයින් නිරෝධායනයට යොමු වූ පසු නැවත ඔවුන්ට සිය නේවාසිකාගාර අහිමිවීමේ බරපතළ තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

දැනට ඇඟලුම් සේවකයන්ගේ වැටුප ගෙවනවාද නැද්ද යන්න ගැටලුවක් බව පවසන ඔහු තවදුරටත් කියා සිටියේ කටුනායක ආයෝජන කලාපයේ නේවාසිකව සිටින සේවකයන් සංඛ්‍යාව 30%ක් පමණ වන අතර ඔවුන් මේ වනවිට බරපතළ ආහාර හිඟයකට මුහුණ පා ඇති බවත් ආයෝජන මණ්ඩලය මීට නිසි විසඳුමක් මෙතෙක් ලබාදී නැති බවත්ය.

එමෙන්ම ආයෝජන මණ්ඩලය විසින් ආහාර ද්‍රව්‍ය ලබාදෙන පොරොන්දුවට සේවකයන් පන්දහසක් පමණ එක් වීමෙන් පසු එසේ භාණ්ඩ ලබාදී නැති බවද ආයතන 2ක් පමණක් රුපියල් 2,500ක් පමණ වටිනා භාණ්ඩ මලු ඉතා සුළු සේවක අතළොස්සකට බෙදා දී ඇති බවද වාර්තා වේ.

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා මිරර්)