කොවිඩ් වර්ධනයේ භායානක බව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි

කොවිඩ් වර්ධනයේ භායානක බව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි

ගෙවුණු දින 7ක කාලය තුළ පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ වසංගතය ආරම්භයේ සිට කෙටිම කාලයකින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය බවය.

පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කොවිඩ් මරණ සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් පවසන්නේ, ප්‍රංශය, ස්පාඥ්ඤ, නෙදර්ලන්තය සහ රුසියාව යන රටවල කොරෝනා ආසාදිතයින් තුනෙන් එකක් පමණ වැඩි වී ඇති බවයි.

රෝහල්වල දැඩිසත්කාර ඒකක, රෝගීන්ගෙන් පිරී යාම කණගාටුවට කරුණක් බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මේ වනවිට යුරෝපයේ කොවිඩ්-19 කේන්ද්‍රය බවට පත්ව ඇති ප්‍රංශයෙන් අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (27) වාර්තා වූ අතර එය 523 කි.