කම්කරු මහලේකම් කාර්යාලයටත් කොරෝනා

කම්කරු මහලේකම් කාර්යාලයටත් කොරෝනා

නාරාහේන්පිට කම්කරු මහ‍ ලේකම් කාර්යාල ‍ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවේ ආරක්ෂක නිලධාරින් 04 දෙනෙකුට හා කම්කරු අමාත්‍යංශයේ රියදුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපන ශාලාව කරගෙන යන තැනැත්තා පසුගියදා පෑලියගොඩ මාළු වෙළඳසැළට ගොස් මාළු ගෙනැවිත් ඇති බැවින් ඔහුගෙන් මෙම පිරිස වෙත රෝගය ආසාදනය වන්නට ඇතැයි සැකකෙරේ.

මේ අතර වැඩ කරන ජනතාවගේ අරමුදල් ලබා ගැනීමට අයදුම් කිරීම ඇතුළු කටයුතු සඳහා ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලය අමතා වේලාවක් වෙන් කර ගෙන යන්නැයිද කම්කරු කාර්යාලය මීට පෙර දැනුම් දී ඇත.

වැඩබිම