කොරෝනා කාලේ තැපෑල වැඩ කරන්නේ මෙහෙමයි

කොරෝනා කාලේ තැපෑල වැඩ කරන්නේ මෙහෙමයි

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග තැපැල් සේවකයින් රාජකාරි කිරීමේ අනාරක්ෂිතභාවය හේතු කොට ගෙන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ, කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා 2020.11.02 දින තැපැල්පති තුමන්ගේ ප්‍රධානත්වයෙන් දුරකථන මාර්ග ඔස්සේ පවත්වන්නට යෙදුන වෘත්තීය සමිති රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණු හා එලඹි තීරණයන් පහත පරිදි වේ.

1. පවතින වසංගත තත්ත්වය තුල කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඇතුළු බස්නාහිර පළාතේ සියළු තැපැල් කාර්යාල 2020.11.09 දින දක්වා වසා දමන ලෙස සියළු වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින ලදී. මෙහිදී අදහස් දැක්වූ තැපැල්පතිතුමන් ආයතන වසා දැමීම සම්බන්ධයෙන් තමන්ට තීරණය කළ නොහැකි බවත් ඒ සදහා ගරු අමාත්‍යතුමන් සමග සාකච්ඡා කළ යුතුබවත් පැවසූ අතර දැනටද අවම සේවක පිරිසක් මගින් සේවා පවත්වාගෙන යන බවත් ඉදිරියටද තීරයක් ගන්නා තෙක් මෙලෙස කටයුතු කළ යුතු බවත් පැවසීය, කෙසේ වෙතත් සියළු වෘත්තීය සමිති ඒකමතිකව එලබෙන 09 වැනි දින තෙක් කාර්යාල වසා තබන ලෙස දන්වන ලදී,

2. දැනට ඇදිරිනීතිය පවතින ප්‍රදේශවලට හා සමාන්‍ය පරිදි රාජකාරී සිදුකරන පිටපළාත් සදහා අවශ්‍ය විෂබීජනාශක ද්‍රව්‍ය හා වෙනත් උපකරන ලබා දීම මෙතෙක් ප්‍රමාද වීම පිළිබද අදහස් ඉදිරිපත් කළ අතර මෙහිදී අදහස් දැක්වූ තැපැල්පතිතුමා දැනට මූලස්ථාන මට්ටමින් මුව ආවරණ හා උෂ්ණත්ව මාන යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු කරන අතර මේවා ඉහල ප්‍රමිතියක් සහිතව සැපයිමේ අවශ්‍යථානය හා අවම මිලකට ලබා ගැනීම වෙනුවෙන් මූලස්ථාන මට්ටමින් මිලදී ගැනීමට කටයුතු කළ බවත් අනෙකුත් ද්‍රව්‍ය ප්‍රාදේශීය මට්ටමින් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව දන්වන ලදී මෙලෙස මිලදී ගන්නා ද්‍රව්‍ය ඉතා කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් දැන්වීය,

3. දැනට සාමාන්‍ය පරිදි කටයුතු කරන ප්‍රදේශවල තැපෑල බෙදාහැරීම සදහා බෙදාහැරීම් ම්‍යස්ථාන තුනක් ලංකාවේ පිටුවා (රත්නපුර,පොල්ගහවෙල,දඹුල්ලෙ) හරහා දිවෙන ප්‍රධාන මාර්ග 13ක් ඔස්සේ තැපැල් ප්‍රවහනය සිදුකිරීමට තීරනය විය,

Co – RN, RN – BD, HB – RN, CO -KY, CO – PX, CO – MH, JA – AD, CO -AD, KY -DB, TC – DB,
BC – DB, RN -PW, MB -VA යන තැපැල් මාර්ග එලෙස සැලසුම් කර ඇත.

4. නිරෝදායන ඇදිරිනීතිය පනවා ඇති පළාත්වල ලියාපදිංචි ආදේශ හා බාහිර කම්කරු මහතුන් සදහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අනුමැතියක් ලැබී නොමැති බව දන්වන ලදී.

5. නිරෝදායන ප්‍රදේශවල පදිංචි ස්ථිර සේවකයින්ගේ ණය වාරික අය කිරීම නතර කිරීමටද එකගතාවක් නොමැති බව දන්වන ලදී,

6. නිරෝදායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල මගින් සිදුකරන මහජන ගෙවීම් (මාසික මහජනාධාර, විශ්‍රාම වැටුප්,රෝගාධාර,ගොවි, ධීවර විශ්‍රාම වැටුප්) ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගෙවීම් කිරීම, මෙහිදී කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පුන්‍යාධාර ගෙවීම් තැපැල් සහ උප තැපැල් කාර්යාල පරිශ්‍රතුල නගර නිළධාරින් ලවා ගෙවීම් කිරීමට ගෙන ඇති තීරනයට වෘත්තීය සමිති විරෝදය පල විය. ඒ අනුව එම නිළධාරීන්ගේ සහය ලබාගෙන තැපැල් දෙපාර්මේන්තුවේ නිළධාරීන් මගින් ගෙවීමට තැපැල්පතිතුමා උපදෙස් ලබාදෙනලදී.

7. සාමාන්‍ය පරිදි රාජකාරී කරන ප්‍රදේශවල පවතින ප්‍රවාහන අපහසුතා හා එකම සේවකයෙක් සියළු කටයුතු කරමින් සියළු ගණුදෙණු කරුවන් සදහා මුහුණ දීම තුල ඇතිවී ඇති අවදානම් තත්ත්වයට සහනයක් ලෙස උප තැපැල් කාර්යාල උදේ 9.00 සිට ප.ව.3.00දක්වා විවෘත කිරීමටත් උප තැපැල් කාර්යාල සදහා අවශ්‍ය අරක්ෂිත ද්‍රව්‍ය හා උපකරන ලබා දීමට කටයුතු කිරීමට එකගතාවන් පලවිය.

8. දිසා ගිණුම් කාර්යාලවල රාජකාරී ඉටුකිරීම අත්‍යාවශ්‍ය බැවින් එම කාර්යය මංණ්ඩල සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසද ඉල්ලා සිටින ලදී.

9. සාමාන්‍ය පරිදි රාජකාරී ඉටුකරන ප්‍රදේශවල තැපැල් හුවමාරු කටයුතු සදහා රාත්‍රි සේවාවාර ක්‍රියාත්මක කිරීමටත්,නිරෝදායන උපදෙස්වලට අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂාවන පරිදි පවතින ඉඩකඩ අනුව සේවකයින් කැදවා සේවයේ යෙදවීමටත් තීරණය විය.

10. සේවකයින් ගෙවිය යුතු පසුගිය මාසයේ (සැප්.) ගෙවීම් මෙතෙක් ගෙවා නොමැතිනම් ඒ පිළිබදව තැපැල්පතිතුමන් පෞද්ගලිකව දැනුවත් කරන ලෙස දන්වන ලදී.

වැඩබිම