වතු කම්කරුවන් සිය වැටුප් ගැටළුවට අයවැයෙන් සහන ඉල්ලයි

වතු කම්කරුවන් සිය වැටුප් ගැටළුවට අයවැයෙන් සහන ඉල්ලයි

වතු කම්කරු වැටුප් වැඩිකිරීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කරන ලෙස බලකරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය මගින්  ඊයේ (06) දිනයේ හැටන් නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

රැවටිලි එපා..1000 ගෙවනු.. සටන් පාඨ සහිතව යෙදුණු මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක වූ අතර වතු වෘත්තීය සමිති නියෝජනය කරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ්, උප ලේකම් ක‍්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, ජවිපෙ නුවරඑළිය දිසා සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ කදුර සහෝදරත්ව ව්‍යාපාරයේ කැදවුම්කරු මුනියන්ඩි කාලිදාස් හා වතු සේවකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
වැඩබිම