සෞඛ්‍ය සේවකයින්ට නිවේදනයක් 

සෞඛ්‍ය සේවකයින්ට නිවේදනයක් 
කොවිඩ් -19  වෛරස ව්‍යාප්තියේ අවදානම පිළිබඳ ව සෞඛ්‍ය සේවකයින් ද නිසි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ගම්පොළ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනිමේ සිද්ධිය පිළිබඳ ව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව සඳහන් කරයි.
 
ගම්පොළ ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බව පසුගිය 06 වනදා හඳුනාගෙන තිබුණි.
 
එම වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරුවීමක්බම හේතුවෙන් පසුගිය 04 වනදා ගම්පොළ රෝහලේ කාර්යය මණ්ඩලය සඳහා සාදයක් පවත්වා ඇති අතර මේ හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ 65 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා විය.