සංචාරකයින් වෙනුවෙන් ජනවාරියේ සිට ක්‍රමාණුකූලව රට විවෘත කිරීමට පියවර

සංචාරකයින් වෙනුවෙන් ජනවාරියේ සිට ක්‍රමාණුකූලව රට විවෘත කිරීමට පියවර

ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ජනවාරි මාසයේ සිට රට නිල වශයෙන් විවෘත කිරීමට පෙර නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. සෞඛ්‍ය නිර්දේශ අනුව එහි අඩුපාඩු හඳුනාගෙන ඒවා ද නිවැරදි කර ගැනීමෙන් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කීවේය.

සංචාරකයන්ට රට විවෘත කිරීම හා ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් ඊට අඳාල සියලු පාර්ශවයන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් ඉක්මනින් මෙම සාකච්ඡා අවසන් කර මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

මෙම සාකච්ඡාවේදී ගාල්ල මෙරට ප්‍රචලිතම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට තිරීණය කෙරිණි. ඊට අවශ්‍ය ප්‍රතිපාදන සංචාරක අමාත්‍යංශය සහ ඊට අඳාල සෙසු අමාත්‍යංශ වලින් ලබාගැනීමට කටයුතු කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති ආකර්ෂණිය ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය මේ යටතේ කඩිනම් කෙරෙණු ඇත.

ගාල්ල කොටුව, උණවටුන හා රූමස්වල සංචාරක කලාප වලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් සංචාරක කලාප වල සිදුවන නීතිවිරෝධී හා මත්ද්‍රව්‍ය අපචාර වැළැක්වීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය. ඔහු පෙන්වා දුන්නේ සංචාරක පොලීසිය ශක්තිමත් කිරීමට දැනටමත් පියවරගෙන ඇති බවයි.