දැරණියගල ඇඟලුම් කම්හලකින් කොවිඩ් රෝගීන් හමුවෙයි

දැරණියගල ඇඟලුම් කම්හලකින් කොවිඩ් රෝගීන් හමුවෙයි
දැරණියගල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
 
එම ආයතනයෙන් ආසාදිතයින් හමු වී ඇත්තේ පළමුවරට බව සෞඛ්‍ය අංශ පවසයි.
 
මේ අතර සීතාවක අපනයන සැකසුම් කලාපයේ තවත් 41 දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
 
එයින් 33 දෙනෙකු හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන්ය.