තැපැල් භාණ්ඩ හිමියන්ට ගෙන ගොස් භාරදීමට ක්‍රමයක් සකසන්න

තැපැල් භාණ්ඩ හිමියන්ට ගෙන ගොස් භාරදීමට ක්‍රමයක් සකසන්න

පවත්නා කොවිඩ් වසංගතය හමුවේ ලිපි හිමියන් වෙත ගොස් තැපැල් භාණ්ඩ භාර ගැනීම සඳහා පිළිවෙලක් සකසන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තැපැල් සහ විදුලිසංදේශ සේවා සංගමය විසින් තැපැල්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම වනුයේ,

පවතින කොවිඩ් තත්ත්වය යටතේ තැපැල් කටයුතු සඳහා තැපැල් කාර්යාලවලට පැමිණෙන ගණුදෙණුකරුවන් ප්‍රමාණය ප්‍රමානාත්මකව විශාල අඩුවක් දක්නට ඇත. මේ සඳහා ප්‍රබල හේතුවක් ලෙස වසංගත තත්ත්වය තුල තැපැල් කාර්යාවලට පැමිණීමට පවතින අකමැත්ත විය හැක. මේ අනුව මෙම තැපැල් භාණ්ඩවලින් සෑහෙන ප්‍රමාණයක් පෞද්ගලික කුරියර් සමාගම් මගින් නිවසට ගොස් භාරගැනීම සිදුකරන බවට සිතිය හැක. පාරිභෝගිකයන්ට තමන්ගේ සේවාවන් සපයාගැනීමේදී වඩාත් ආරක්ෂිත ක්‍රමවේදයන් සැලසීම තුල බොහෝවිට මෙවැනි පෞද්ගලික කුරියර් සමාගම්වලට මෙම ඇදීයාම සිදුවනු ඇත.

2. පවතින මෙම තත්වය තුල තැපැල් කාර්යාලයට පැමිණීමෙන් තොරව තමන්ගේ සේවාවන් ලබා ගැනීමට පාරිභෝගිකයින් අවශ්‍ය පහසුකම් සලසාදීමේ ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාත්මක කරන ලෙස කාරුණිකව ඉල්ලමි.මෙහිදී දැනට කොවිඩි තත්ත්වය තුල තැපැල් සේවකයින්ට මෙන්ම මහජනතාවට වඩාත් ආරක්ෂිතව මෙම කටයුතු සිදුකිරීමට හැකියාව ලැබෙන අතරම මේ හරහා අපගේ පාරිභෝගිකයින්ද රැක ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අප තරයේ විශ්වාස කරමු.

3. එමෙන්ම මෙහිදී පවතින කොව්ඩ් වසංගතය හමුවේ ඖෂධ බෙදා හැරීමේදී පෞද්ගලික වාහන භාවිතා කිරීමේදී සේවකයින්ට ගෙවීමට තීරනය කර ඇති ගෙවීම් ක්‍රමය තුල පවතින කොවිඩ් තත්ත්වයම සැලකිල්ලට ගනිමින් මෙම සේවාව පවත්වාගෙනයාමටත් අවශ්‍ය වන්නේ නම් අයකරනු ලබන තැපැල් ගාස්තුවට අමතරව සුළු සේවා ගාස්තුවක් අයකරීමට හැකි බවත් දක්වමු.

4.එමෙන්ම මෙහිදී දැනට මෙම කොවිඩ් වසංගතය විශාල වශයෙන් පැතිර පවතින ප්‍රදේශවල තෝරාගත් තැපැල් කාර්යාල කිහිපයක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමි. එමෙන්ම මෙහිදී අදාල තැපැල් භාණ්ඩ නිවසට ගොස් භාරගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාත්මක කිරීම මෙන්ම, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් තුල සුදුසු ප්‍රචාරනයක් ලබා දෙන ලෙසත්, ඒ සඳහා ද කොවිඩ් වසංගතය හමුවේ කාර්යාලයට පැමිණීමෙන් තොරව පාරිභෝගියන්ට තම නිවසේදීම සේවා ලබාගැනීමට ඇති හැකියාව පිළිබද අවධානය යොමු කරන ලෙසත් ඉල්ලමි.

මේ පිළිබදව ඔබතුමන්ගේ විශේෂ අවධානය යොමුකර කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.