මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය පදවන්නන්හට වැඩ වරදින ලකුණු

මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය පදවන්නන්හට වැඩ වරදින ලකුණු
මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය පදවන්නන් සොයා සති අන්තයේදී විශේෂ මෙහෙයුම් දියත්කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර තිබේ.
 
විශේෂයෙන්  බීමත්ව, අධික වේගයෙන්, අපරීක්ෂාකාරීව සහ රථවාහන සඳහා විවිධ අංගෝපාංග එක්කර රිය පදවන පුද්ගලයින් සම්බන්ධයෙන් කි‍්‍රයාකිරීම සඳහා මෙම සති අන්තියේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවත් ඒ වෙනුවෙන් පොලිස් ස්ථාන සඳහා බීමත්කම පරීක්ෂා කිරීමේ උපකරණ කට්ටල ද ලබාදී ඇති බවත්  මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
කොරෝනා සමයට පෙර රටතුළ රිය අනතුරු හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ ගණනට සමාන තත්ත්වයක් මේවනවිට රටතුළ උද්ගතවෙමින් ඇති බැවින් මෙම ක්‍රියාමාර්ගය ගැනිමට කටයුතු කල බවත් එම මෙහෙයුම්වලදී විවිධ වර්ණ, අලෝක පද්ධති නලා භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව ද පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.