ජනවාරියේ සිට RMV 600කට මාරුවීම්

ජනවාරියේ සිට RMV 600කට මාරුවීම්

"මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසයි."

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසයි. තමන් සහ මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බව ඒ මහතා සඳහන් කරයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

රජය තීරණයක් අරගෙන තියෙනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සියළුදෙනාම 2020 ජනවාරි 01 දාට පෙර සේවයට වාර්තා කරපු සියළුදෙනාම මාරු කරන්න. එතකොට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයේ, ඒකාබද්ධ සේවයේ ඒ වගේම, දෙපාර්තුමේන්තුගත සේවාවල නිලධාරීන් මාරු කරන්න තීරණයක් අරන් තියෙනවා දෙපාර්තුමේන්තුවේ පසුගිය කාලයේ ඇති වෙච්ච තත්ත්වයන්ට විසඳුමක් විදියට.

විශේෂයෙන් ජනතාවගේ පැත්තෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබිච්ච පැමිණිලි මත ජනාධිපතිතුමා සහ අපේ ගරු අමාත්‍යතුමා එකතුවෙලා සාකච්ඡාවකදී ගත්තු තීරණයක්. 2020 ජනවාරි පළමුදාට පසුව ආපු අය නැතුව සේවකයින් 600කට වැඩි පිරිසකට ස්ථාන මාරු ලබන්න වෙනවා.

(ශ්‍රී ලංකා මිරර්)