මාධ්‍යවේදීන්ට කොරෝනා රෝගය වාර්තා කිරීමට උපදෙස් මාළාවක්

මාධ්‍යවේදීන්ට කොරෝනා රෝගය වාර්තා කිරීමට උපදෙස් මාළාවක්

කොවිඩ් 19 රෝගය පාලනය කිරීම සඳහා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ලබාදෙන දායකත්වයට අමතරව, මාධ්‍ය ඔස්සේ පෞද්ගලිකත්වයට හානි වන තොරතුරු වාර්තා වන බව නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබේ.

මෙම තත්ත්වය නිසා රෝග ලක්ෂණ මතුවූ ඇතැම් පුද්ගලයින් පීසීආර් පරික්ෂණ සඳහා මැලිකමක් දක්වන බවත්, එම තත්ත්වය මගහැර ගැනීම සඳහා ප්‍රවෘත්තී වාර්තා කරණයේදී පහත සඳහන් කරුණු වලට අවධානය යොමු කරන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් ඉල්ලා සිටී.

1. කොවිඩ් 19 ආසාධිත රෝගීන් පිළිබඳව වාර්තා කිරීමේදී කිසිඳු අවස්ථාවක ඔවුන්ගේ පෞද්ගලික්තවයට හානි සිදුවන ආකාරයෙන් වාර්තා කිරීම නොකළ යුතුය.

2. කොවිඩ් 19 රෝගය ව්‍යාපත වන ප්‍රදේශ හා රෝගීන් පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේදී ආගම, ජාතිය, හෝ වෙනත් එවැනි සාධකයක් හුවා දක්වමින් සමාජයේ ඔවුන් වෙන් කරන ආකාරයේ ප්‍රවෘත්ති වාර්තාකරණය නොකළ යුතුයි.

3. කොවිඩ් 19 ආසාධිත පුද්ගලයින් මරණ පිළිබඳව වාර්තාකරණයේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන නිල වාර්තා පමණක් හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම.