සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයින් ලියාපදිංචි කිරිමට ආණ්ඩුවේ සූදානමක්

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියා පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කර බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

” සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන විශාල විෂමතාවයක් ගැන පාලනයක් තිබිය යුතු බව සාකච්ජා කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කිරිමට මේ වන විට සැලසුම් කර ඇති බව” ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටිනවා.