තාවකාලිකව ඇණහිටි අභ්‍යාසලාභී පුහුණුව හා අභියාචනා ඉදිරිපත්කළ උපාධිධාරීන් ගැන සඳහනක්

තාවකාලිකව ඇණහිටි අභ්‍යාසලාභී පුහුණුව හා අභියාචනා ඉදිරිපත්කළ උපාධිධාරීන් ගැන සඳහනක්

2020 වර්ෂයේ පෙබරවාරී සිට ආරම්භ කල උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහනට අනුව, අභියාචනා යොමු කල උපාධිධාරීන් තෝරා ගැනීම හා අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව කඩිනමින් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමින් රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

උපාධිධාරීන් රැකියා ගත කිරීම සඳහා 2020 වර්ෂයේ පෙබරවාරී සිට ආරම්භ කල වැඩසටහනට අනුව අයදුම්පත් යොමු කල හා පසුව අභියාචනා යොමු කල උපාධිධාරීන් අතරින් තවදුරටත් තෝරා ගැනීමකට ලක් නොවූ පිරිසක් සිටින බව අදාල බලධාරීන් මේ වන විටත් හොදින් දන්නා කරුණකි.

අයදුම්පත් යොමු කල හා අභියාචනා යොමු කල උපාධිධාරීන් තෝරාගැනීම හා 2020. 09. 15 පසු තෝරාගන්නා සියලූම උපාධිධාරීන්ට අදාල අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව ආරම්භ කිරීම සම්බන්ධව වැඩිදුර අවධානය යොමු කරමු.

02. අභියාචනා සලකා බලා තවදුරටත් තෝරාගැනීමට නියමිත උපාධිධාරී නාමලේඛනය කඩිනමින් නිකුත් කිරීම.

03. 2020. 03. 02 දින අභ්‍යාසලාභී පත්වීම් හිමිව EPF/JOB පදනම යටතේ 2020. 08. 16 දින සිට පත්වීම් අහිමි වූ උපාධිධාරීන්ගෙන් 2020. 09. 15 වන දින අභියාචනා කැඳවූ අතර එම පිරිසෙන් ප්‍රමාණයකගේ නම් තෝරාගත් නාමලේඛනයේ ද, තව ප්‍රමාණයක් රඳවා ගැනීමේ නාමලේඛනයේ ද සඳහන්ව ඇතත් EPF/JOB හේතුව මත රැකියා අහිම් වූ 100 කට ආසන්න පිරිසකගේ නම් මේ දක්වා කිසිදු නාමලේඛනයක සඳහන් නොවීම.

04. EPF/JOB පදනම මත රැකියා අහිමි වූ උපාධිධාරීන් මාස 7 ක පමණ කාලයක් කිසිදු රැකියාවක් නොමැති කමින් දැඩි දුෂ්කරතාවයකට පත් වී සිටීම.

ඒ අනුව දැනට රැකියාගත කිරීම සඳහා තෝරා ගත් හා විවිධ හේතු මත ප්‍රතික්ෂේප කර තිබූ යලි අභියාචනා සලකා බලා තෝරාගැනීමට නියමිත සියලූ උපාධිධාරීන්ගේ අභ්‍යාසලාභී පුහුණුව එක් කණ්ඩායමක් ලෙස කඩිනමින් ආරම්භ කීරීමට කටයුතු කරන මෙන් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය ලෙස වගකිව යුතු සියලූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.