ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කිරීමේ සූදානමක්

ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කිරීමේ සූදානමක්

ප‍්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති, කාන්තා සංවිධාන සහ බහුජන සංවිධාන සහභාගීත්වයෙන් ඒකාබද්ධ ප‍්‍රකාශයක් අත්සන් කිරීම දෙසැම්බර් 24 දින උදේ 10 ට බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වේ.

වත්මන් ආණ්ඩුව විසින් 2020 සැප්තැම්බර් මස රාජ්‍ය සේවයට බදවා ගන්නා ලද උපාධිධාරිනියන්ට මෙතෙක් ලබාදුන් වැඩකරන දින 84 ප‍්‍රසූත නිවාඩු කාලය සති 6 දක්වා (අඛණ්ඩ දින) අඩුකර ඇත. ආයතන සංග‍්‍රහය තුළ පවා මෙම හිමිකම ලබාදීමට වගන්ති ඇති අතර පෞද්ගලික අංශයේ සේවිකාවන්ට ද වැඩකරන දින 84ක කාලය ප‍්‍රසූත නිවාඩු ලබාදේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ වන්නේ උපතේ සිට මාස 6ක්වත් අනිවාර්යයෙන් මව්කිරි දිය යුතු ලෙසයි. එසේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවා මෙම හිමිකම අවධාරණය කර ඇත.
මෙම අත්තනෝමතික තීරණය වහාම වෙනස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට මෙම ඒකාබද්ධ ප‍්‍රකාශය යැවීමටත් එහි පිටපත් ජාතික හා ජාත්‍යන්තර සංවිධානවලට යැවීමටත් තීරණය කර ඇත.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය 

union