නැගෙනහිර පර්යන්තය ගැන ජනපති සමග  සාකච්ඡාවකට වෘත්තීය සමිති සූදානම්

නැගෙනහිර පර්යන්තය ගැන ජනපති සමග  සාකච්ඡාවකට වෘත්තීය සමිති සූදානම්
කොළඹ වරායේ  නැගෙනහිර පර්යන්තය සමබන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සිදුකිරීමට බලාපොරාත්තු වන බව වෘත්තීය සමිති පවසයි.
 
කෙසේවෙතත් නැගෙනහිර පර්යන්තය තුළ සිදුකරන මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියේ අනෙකුත් සේවකයින්ට සිදුකළ හැකි බව ද එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා මාධ්‍ය හමුවකට ඒක්වෙමින් මෙසේ කියා සිටියේය.
 
“අපේ විධායක නිලධාරීන් සහ ඉංජිනේරු සංගමය ඇතුළු සමස්ත අපේ වෘත්තීය සමිති හදපු නැගෙනහිර පර්යන්තයේ, අනාගතය ගොඩනගන්නේ කොහොමද කියන එක නිවැරදි වාර්තාවක් අමාත්‍යවරයා එක්ක සාකච්ඡාවට බඳුන් කරා. එයින් පැහැදිලිව කියලා තියෙනවා කිසිදු ණය මුදලක් ලබා නොගෙන වරාය අධිකාරියේ තිබෙන මුල්‍යමය හැකියාව මත කොහොම ද ඉදිරි වර්ෂ 5 තුළ මේ නැගෙනහිර පර්යන්තය අපි මෙහෙයවලා ක්‍රියාත්මක කරන්නේ කියන එක. අමාත්‍යවරයා ඒ අදහස පිළිබඳ පැහැදිලි එකඟතාවකට හිටියේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කළ හැකියි. අපිට ඒ වත්කම තියෙනවා කියන පණිවිඩය ජනාධිපතිවරයා ළඟටත් අපි අරන් යන්න බලාපොරොත්තු වෙනවා. “