රැකියා ලබාදීමේදී අසාධාරණයට ලක් වූ උපාධිධාරීන්ගේ ගැටළුව ගැන සාකච්ඡා

රැකියා ලබාදීමේදී අසාධාරණයට ලක් වූ උපාධිධාරීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හාමුදුරුවන් විසින් විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත්කර තිබේ.

උන්වහන්න්සේ ප්‍රකාශ කරන පරිදි, පසුගිය අගෝස්තු 16 වෙනි දින රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දීම සම්බන්ධයෙන් නිකුත් වූ නාමලේඛනයේදී සුදුසුකම් තිබුණත් අසාධාරණයට ලක්වූ පිරිස සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය දිගින් දිගටම අමාත්‍යාංශය හා සාකච්ඡා කරමින් නිසි විසඳුම් ලබා ගැනීමට උත්සාහ කරන අතරම එහිදී සංගමය ලෙස අවදාරණය කරන කරුණු කාරණා කිහිපයක්ද පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හාමුදුරුවන් විසින් ඉතා වැදගත් කරුණු කාරණා රැසක් හෙලිකර තිබේ.

ඊට අදාල වීඩියෝ පටය පහතින් නරඹන්න...