අවිස්සාවේල්ල-කොස්ගම හුදෙකලා වීමෙන් දුම්රිය ගමනාගමනය වග දක්වා සීමාවේ

අවිස්සාවේල්ල-කොස්ගම හුදෙකලා වීමෙන් දුම්රිය ගමනාගමනය වග දක්වා සීමාවේ

අවිස්සාවේල්ල හා කොස්ගම පොලිස් බල ප්‍රදේශය අද දින ( 24 ) හුදකලා කිරීමත් සමග කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රිය ගමනාගමන 2020 දෙසැම්බර් මස 25 වන දින සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම්  කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි.

 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරේ කටුගොඩ, කොස්ගම, පුවක්පිටිය හා අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන ද දුම්රිය මගීන් සදහා ගමනාගමන නැවත දැනුම් දෙන තුරු  අත්හිටුවා තිබෙන බවයි.
 
ඔබ මේ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගියෙක් නම් මේ නිවේදනය සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. අනෙක් අයගේද දැනුමට මේ පණිවිඩය බෙදා හරින්න කාරුණික වෙන්න.