සෞඛ්‍ය අමාත්‍යාංශය අනුන්ගේ උපකරණ පෙන්වමින් වරද වසා ගැනීම උත්සහ කරනවා

සෞඛ්‍ය අමාත්‍යාංශය අනුන්ගේ උපකරණ පෙන්වමින් වරද වසා ගැනීම උත්සහ කරනවා

"ජාන විෂ්ලේෂක යන්ත්‍ර එකක් හෝ ස්ථාපිත කිරීමට අසමත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය, අනුන්ගේ උපකරණ පෙන්වමින් වරද වසා ගැනීම, කොරෝනා නව ප්‍රභේධ වලට මුහුණ දීමේ අභියෝගයක් නිර්මාණය කරනවා."

එංගලන්තය සහ යුරෝපයේ රටවල් කිහිපයක නව covid ප්‍රභේද ඇති වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර බලධාරීන් නින්ද්දදෙන් අවදිවූවා සේ, ඒ ගැන සාකච්ඡා කරන්නට පටන් අරන් තියෙනවා

ඒ නිසාම මතක් කරන්නට ඕනේ නව ප්‍රභේද සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන "ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර" ලබා ගැැනීම සඳහා ඉල්ලීම් ගණනාවක් කරමින් තිබියදී පහුගිය මාස 8ක වගේ කාලය තුළ ඔවුන් ඒ සඳහා කරපු බාධාවන්.

අවසාන අදියර දක්වා යුනිසෙෆ් වැනි ආයතන ප්‍රසම්පාදන කටයුතු අවසාන කරපු ජාන විශ්ලේෂක යන්ත්‍ර පවා රසායනාගාරය වලට ලබා දීම ප්‍රතික්ෂේප කරමින්, "කොරෝනා රෝගය ඉවරයි" කියමින් සිටිය සමහර බලධාරීන් පිළිබඳව අපිට මතක් කරන්නට වෙනවා .

මේ දිනවල වසංගත රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට කළ ප්‍රකාශ වලට අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මේ ජාන විශ්ලේෂක යන්ත්‍ර තිබෙන බව හගවමින්ඔ, ඔහු එය මගහරින්නට යනවා.

"ජාන විෂ්ලේෂක යන්ත්‍ර එකක් හෝ ස්ථාපිත කිරීමට අසමත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය, අනුන්ගේ උපකරණ පෙන්වමින් වරද වසා ගැනීම, කොරෝනා නව ප්‍රභේද වලට මුහුණ දීමේ අභියෝගයක් නිර්මාණය කරනවා."

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ජාතික බෝවන රෝග මධ්‍යස්ථානය, මුල්ලේරියාව අනුක රසායනාගාරය, ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ PCR රසායනාගාරයේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන කිසිදු රසායනාගාරයක ට මෙම ජාන විශ්ලේෂක යන්ත්‍ර නැති බව ඔවුන් මඟ හරින්නට උත්සාහ කරනවා.

ඒ වගේම ඔවුන් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනත් කුඩා ආයතන වල හා පෞද්ගලික අංශයේ යැපෙමින් හා යප්පවමින් කටයුතු කරන්නට උත්සාහ කරනවා.

මොකද ඔවුන්ට අවශ්‍ය නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට මේ වගකීම තබා ගැනීමට. ඒ නිසා අපිට පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා වසංගත රෝග අංශය තවදුරටත් ගතානුගතික සාම්ප්‍රදායික තත්ත්වයන් තුළ, සාම්ප්‍රදායික තාක්ෂණික උපදෙස් තුළ හිර වෙමින් ඉන්නවා. ඔවුන් විශේෂඥයන් කීපදෙනෙකුගේ උපදෙස් මත පදනම් වෙලා අනවශ්‍ය බාධක ඇති කරවනවා.

මේ රෝගය මර්දනය කිරීමට අපි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විදිහට පැහැදිලිවම කියනවා, සෞඛ්‍ය අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් වගකීම ගත යුතුයි. සියලුම පරීක්ෂණ කටයුතු සහ පර්යේෂණ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවිය යුතුයි. ඒ සදහා ජාන විශ්ලේෂක යන්ත්‍ර වැනි යන්ත්‍ර අපිට ලබාදීම අත්‍යවශ්‍යයි.
මෙහිදී සමහර බලධාරීන් උත්සාහ කරනවා මේ යන්ත්‍ර වලට විශාල මුදලක් ගෙවන්නට වෙනවා කියලා හගවන්නට. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්ලේරියාව වැනි රසායනාගාර හදලා තියෙන්නේ මිලියන 250 ක් වගේ විශාල මුදලක් වැය කරලා.

ඒකට ජාන අති නවීන ජාන විෂ්ලේෂක යන්ත්‍රයක් යොදවන්න ඒ මුදල හොදටම ඇති. එම යන්ත්‍රයක් මිල දී ගන්නට පුළුවන් මිලියන 8සිට ම්ලියන 60 දක්වා මුදලකට. එය මහා විශාල මුදලක් නෙවෙයි.

මේ ගැටලුව තියෙන්නේ මොවුන් මේ තමන් අතින් සිද්ධ වෙච්ච වැරැද්ද වහ ගැනීම සඳහා බොරු ප්‍රකාශ කරමින් ඉන්න නිසා අපි පැහැදිලිවම කියනවා, යුනිසෙෆ් ආයතනය අවසාන වරට ප්‍රසම්පාදනය කරපු යන්ත්‍ර ලබා නොදුන්නේ "කොරෝනා රෝගය මැයි මාසයේදී ඉවරයි" කියල සමහරු හිතාගෙන හිටපු හින්දා.

අපි ජනාධිපතිවරයා ඉල්ලනවා කරුණාකරලා මේ පිළිබඳ අවධානය යොමු කරන්න ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළව මේ ජාන විශ්ලේෂක යන්ත්‍ර ලබාදීම සඳහා කඩිනමින් කටයුතු කරන්න.

මොකද කොරෝනා පවුලේ වෛරසයක් වසංගතයක් හැදුවාම, එය නව ප්‍රභේද හදනවා කියන එක රසායනාගාර සේවාව දන්නා ඕනෑම කෙනෙක් දන්නා සාමාන්‍ය තත්ත්වයක්.
නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනත් කුඩා කුඩා ඒකක සමග යැපෙනවා නම් පෞද්ගලික විශ්ව විද්‍යාල මත යැපෙන්නට උත්සාහ කරනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම පැහැර හැරීමට උත්සහ කරනවා කියන එක අපි පැහැදිලිවම කියනවා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වගකීම් විරහිත බව නිසා මේ සඳහා ලැබිලා තියෙන ආධාර ගණනාවක් නොලැබී යන තත්වයකට පත්වෙලා තියෙනවා ලෝක බැංකුව වගේම ආසියානු සංවර්ධන බැංකුව වගේ රටවල්වලින් ලැබී ආධාර පවා නැවත ආහාර වල යන තත්වයකට පත් වෙලා තියෙද්දී තමයි අපි මේ අවශ්‍ය උපකරණ රසායනාගාර වලට ලබා නොදෙමින් බොරු කරමින් ඒ කතාව මග හරින්නට උත්සාහ ගනිමින් ඉන්නේ.

ඒ නිසා නැවත අපි කියනවා මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වීමක් ජනාධිපතිවරයාගෙන් ලැබිය යුතුමයි.

රවි කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය