ජනවාරි පළමු වැනිදා සෑම රාජ්‍ය සේවකයෙකුටම බලපාන නව චක්‍රලේඛයක්

ජනවාරි පළමු වැනිදා සෑම රාජ්‍ය සේවකයෙකුටම බලපාන නව චක්‍රලේඛයක්

ජනවාරි පළමුවැනිදා, රාජ්‍ය සේවකයන් නව වසර සදහා වැඩ ආරම්භ කිරීමට පෙර, ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම කි‍්‍රයාවට නැංවීම සදහා තමන් කැප වන බවට දිවුරුම් දිය යුතු බවට වූ චක‍්‍ර ලේඛයක්, රාජ්‍ය සේවා පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.

අදාල චක‍්‍රලේඛයට අනුව, සෑම රාජ්‍ය ආයතනයකම කෙටි උත්සවයක් පැවැත්විය යුතු අතර, ඉහත සදහන් කළ දිවුරුම ආයතන ප‍්‍රධානියාගේ මූලිකත්වයෙන් සිදු කළ යුතු ය.

ඊට අමතරව, සුදුසු සම්පත් දායකයෙකුගේ සහභාගීත්වයෙන්, අද වන විට රට මුහුණ දී සිටින කොරෝනා වසංගත තත්්තවය සහ ඉන් ජය ගැනීම සදහා ගත යුතු පියවර පිළිබදව ද කෙටි දේශනයක් සැලසුම් කළ යුතුව තිබේ.

සෑම වසරකම ජනවාරි පළමු වැනි දා, මෙවැනි දිවුරුමක් ලබා දීම හදුන්වා දී ඇත්තේ 2008 වසරේ දී ය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසුව උදා වූ පළමු ජනවාරි පළමු වැනිදා ව වූ පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා පැවති දිවුරුමට, සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවන බවට වූ වගන්තිය ඇතුළත්ව නොතිබුණු බව පැවසේ.


සන්ඬේ ටයිම්ස් මුල් පුවත ඇසුරෙනි.