නව වෛරස් ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ අවදානමක් ඇති බවට GMOA අනතුරු අගවයි

නව වෛරස් ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ අවදානමක් ඇති බවට GMOA අනතුරු අගවයි

එංගලන්තයෙන්  හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ සඳහන් කර ඇත්තේ,

”අලුත් ප්‍රභේද දෙකක් මේ වනවිට එංගලන්තය තුළ කතාබහට ලක්වෙනවා. මේ වනවිට අලුතෙන් එංගලන්තයෙන් හමුවෙන රෝගීන්ගෙන් 60% කට පමණ අලුත් වෛරස් ප්‍රභේදය නිසා තමයි හමුවෙලා තියෙන්නේ. අපිත් ලොකු තර්ජනයකට ලක් වෙලා ඉන්නවා නව වෛරස් ප්‍රභේදය අපේ රටට තුළත් එන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දැන් අද වෙනකොට යුරෝපීය රටවලින් බැහැරට ගිහිල්ලා ආසියාතික රටවල් පවා මේ නව වෛරස් ප්‍රභේදය පැමිණෙමින් තිබෙනවා කියන එක සිංගප්පූරුව වගේ රටවල්වලින් රෝගීන් හමුවීම තුළින් පැහැදිලි වෙනවා”  යනුවෙනි.