වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ප්‍රදේශ රැසක් හුදකලා කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ප්‍රදේශ රැසක් හුදකලා කරයි
කෙසෙල්වත්ත පොලිස් වසමේ ග‍්‍රාම නිලධාරීන් වසම් කිහිපයක් අද අලූයම පහේ සිට හුදකලා කෙරුණු අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලූත්කඬේ බටහිර හා නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසම් එලෙස හුදෙකළා කරන ලද බවයි.
 
තවද දින ගණනක් තිස්සේ හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද අලුයම 05 සිට එම හුදෙකලා බවින් ඉවත් කෙරුණු අතර වේල්ලවීදිය, මරදාන සහ කෙසෙල්වත්ත පොලිස් වසම්. එමෙන්ම කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද සහ හුණුපිටිය ග‍්‍රාම නිලධාරී වසම්ද, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත මෙන්ම වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ නිවාස යෝජනා ක‍්‍රමයද  එලෙස හුදෙකලා බව ඉවත් කළ ප්‍රදේශයි.
 
මීට අමතරව ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරී වසම් කිහිපයක්ද ඊයේ දිනයේ හුදෙකලා කල අතර එහිදී මීන්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ග‍්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා කරන ලදී.
 
එමෙන්ම, ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල සහ  කොට්ටල යන ග‍්‍රාම නිලධාරී වසම් ද හුදකලා වන ප්‍රදේශ අතරට එක්වුනා.
 
මෙලෙස හුදෙකලා කරන ලද සියලුම ප්‍රදේශ නැවත දැනුම්දෙන තෙක් තවදුරටත් හුදකලා ප‍්‍රදේශ වශයෙන් පවතින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.