දුම්රිය මඟීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක්

දුම්රිය මඟීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද දින ධාවනයට යොදවා තිබූ දුම්රිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අමතර දුම්රිය සේවා කිහිපයක් අද සවස ධාවනයට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි.

වැඩබිම අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ අද සවස් කාලයේදී අමතර දුම්රිය සේවා කිහිපයක් ධාවනයට කටයුතු කර තිබෙන අතර ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් සේවා වාර දෙකක් හා කැලණිවැලි දුම්රිය සේවා වාරයක් ක්‍රියාත්මක වන බවයි.

🚆ප්රධාන මාර්ගය ප.ව. 04/00 කොළඹ කොටුව - පොල්ගහවෙල හන්දිය මන්දගාමී ප.ව. 06/10 පොල්ගහවෙල හන්දිය - කොළඹ කොටුව මන්දගාමී 🚆මුහුදුබඩ මාර්ගය 8761 - ප.ව. 04/15 මරදාන - දකුණු කළුතර - මන්දගාමී 8372 - ප.ව. 05/45 දකුණු කළුතර - මරදාන - මන්දගාමී 🚆කැලණිවැලි මාර්ගය 9265 - ප.ව. 05/00 - කොළඹ කොටුව - පාදුක්ක - මන්දගාමී

132798988 835714517262752 7608168015693910826 n