අද ජලසම්පාදනේ මෑන්පවර් සේවකයින් ඉවත්කිරීමේ සුදානම ගැන තීරණාත්මක සාකච්ඡාවක්

අද ජලසම්පාදනේ මෑන්පවර් සේවකයින් ඉවත්කිරීමේ සුදානම ගැන තීරණාත්මක සාකච්ඡාවක්

ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරනු ලබන වසර ගණනාවක සිට සේවය කරන මෑන් පවර් සේවකයින්ගේ සේවය අවසන් කිරීමට ආණ්ඩුව සූදානම් වීම සම්බන්ධයෙන් අද දින (30) පෙරවරු 11.30ට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කරන බව ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ලේකම්වරයා සඳහන් කරයි.
ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ලේකම් ලීලාරත්න මහතා සඳහන් කරන්නේ දීර්ඝ කාලයක් ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරනු ලබන මෙම සේවකයින් නිවැරදි වැඩපිළිවෙලක් යටතේ මණ්ඩලයට අන්තර්ග්‍රහණය කර ගැනීම සදහා වැඩපිළිවෙලකට යාමට මෙම සාකච්ඡාව ඉවහල් වනු ඇති බවයි.