නව වසරේ වතු කම්කරුවන්ට දාහ නොලැබුනොත් දැඩි සටනක්

නව වසරේ වතු කම්කරුවන්ට දාහ නොලැබුනොත් දැඩි සටනක්

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් බවට පත්කිරීමේ පොරොන්දුවට 2021 වසරට  සය වසරක් සපිරෙන බවත් නව වසරේ හෝ මෙම පොරොන්දුව ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය කටයුතු කරන බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා ප්‍රකාශකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “මේ අය - වැයෙන් අගමැතිතුමා පොරොන්දු වුණා වතුකම්කරු වැටුප රුපියල් 1,000ක් බවට පත් කරනවා කියලා. නමුත් දැන් කියන්නේ එම වැටුප වතු සමාගම්වලින් දිය යුතුයි කියලා. ඒක වැරැදියි. ආණ්ඩුව රුපියල් 1,000ක් දෙන්න පොරොන්දු වුණා නම් ඒක දෙන්න ඕනේ ආණ්ඩුවයි.
 
අපි කියන්නේ මේ රට දැන් පාලනයකින් තොරව තිබෙන රටක්. ඒ නිසා වැටුප් ප්රශ්නය නොව කිසිම ප්රශ්නයක් විසඳන්නේ නැහැ. නමුත් මේ වැටුප් වැඩිවීම ලබාදෙන තුරු අප සටන් කරනවා.” යනුවෙනි.