සඳුදා සිට දුම්රිය ගමනාගමනය සිදුවන්නේ මෙහෙමයි

සඳුදා සිට දුම්රිය ගමනාගමනය සිදුවන්නේ මෙහෙමයි

2021 ජනවාරි මස 04 වන දා සිට සියලුම මාර්ගවල ධාවනය වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව කිහිපයකින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර ( යාම් ඊම්) 64 ක් ද ,මුහුදුබඩ මාර්ගයේ ( යාම් ඊම්) 74 ක් ද , කැලණිවැලි මාර්ගයේ (යාම් ඊම්) 12 ක් ද උතුරු මාර්ගයේ ( යාම් ඊම් ) 6 ක් හා පුත්තලම් මාර්ගයේ (යාම් ඊම්) 26 ක් ලෙස ද මෙම සතියේ සිට ගමනාගමනයේ යෙදවීමට කටයුතු මේ වන විට දුම්රිය කාලසටහනට එක් කර ඇති බවයි.

එමෙන්ම තව දුරටත් දුරගමන් සේවා ක්‍රියාත්මක නොවන අතර බොහෝ දුරට දුර ගමන් සේවා හා පාර්සල් ප්‍රවාහන කටයුතු මේ මස තුල දී ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.