විශ්‍රාමික PHI මහත්වරු යළි සේවයට

විශ්‍රාමික PHI මහත්වරු යළි සේවයට

විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  යළි සේවයට කැඳවීමට සබරගමුව පළාත් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස මෙය සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
 
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති කොවිඩ් විශේෂ කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය වී තිබේ.
 
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 60දෙනකු කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සේවය කරන අතර, එක්‌ නිලධාරියෙකුට ගම් දහයක පමණ සේවය කිරීමට සිදුව ඇති නිසා නිලධාරීන් මහත් අපහසුතාවට ලක්ව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මෙම රැස්වීමේදී පෙන්වාදී ඇත.