යුක්රේන සංචාරකයින්ගෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරය "මහත් පල - මහා ආනිසංස" නෙලා ගනීවිද?

යුක්රේන සංචාරකයින්ගෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරය "මහත් පල - මහා ආනිසංස" නෙලා ගනීවිද?

ලංකාවට යුක්රේන සංචාරකයෝ. මූණු 11යි හරියට පේන්නේ. පස්දෙනෙක්ම මුහුණූ ආවරණ දාල තියෙන්නේ බාගෙට.

හාරසිය ගාණක් ඇවිල්ලා තියණවා. අනිත් අයවනම් අපි දැක්කේ නෑ. ඒ අය ගැන විවිධ කතාන්දරත් ආරංචි වෙනවා.

යුක්රේනය කියන්නේ, හැම 45 දෙනෙකුටම එක් අයෙක් කොරොනා පොසිට්ව් වුන රටක්. යුරෝපෙන් යුක්රේනයට යෑම තහනම්.

ඒ අතර එයා ලංකා සේවිකාවකටත් පරතරයක් නැතිව යන්න වෙලා.

යුක්රේන කීදෙනෙක්ට කොරොන පොසිටිව්ද කියල හරියට දන්න කෙනෙකුත් නැහැ.

මේ අමුත්තන්ට සෞඛ්‍ය නීති නැහැයි කියල සන්ඩේ ටයිම්ස් එක වාර්ථා කරලා තිබුණා. ඩොලර් 250 කාමර, 100ට දෙන්න කියල බල කරල තියෙනවලු.

යාල යන බව සෞඛ්‍ය බලධාරීන්ට කියලත් නැහැලු.

මේවගේ අලුත්කෑලි වලින් පුළුවන්ද සංචාරක ව්‍යාපාරය ගොඩ දාන්න. වෙන එකම දේශපාළණ ඒජනතලාගේ හොද්ද බොර වෙන එක විතරක් නෙවේද?.

යුක්රේනය කියන්නේ ලංකාවට සංචාරකයින් එන ප්‍රධාන රටකුත් නෙවෙයි. මේවා සරුව පිත්තල වැඩ.

මේවා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක සාක්ච්චා කරාද කියලවත් අපිනම් දන්නේ නැහැ.

රවී කුමුදේස්