දුම්රිය සේවක විනය පරික්ෂණ ප්‍රමාදයිලු

දුම්රිය සේවක විනය පරික්ෂණ ප්‍රමාදයිලු

විවිධ චෝදනාවන්ට ලක්ව සිටින දුම්රිය සේවකයන් පිළිබඳ විනය පරීක්ෂණ දිනෙන් දින ප්‍රමාද කරමින් පවතින බව වෘත්තීය සමිති චෝදනා නගයි.
රටේ පවතින කොරෝනා තත්ත්වයට මුවාවී බලධාරීන් කරන මෙම කල්මැරීම හේතුවෙන් චෝදනා ලත් ඇතැම් දුම්රිය සේවකයන්ට තම නිර්දෝෂී භාවය ඔප්පු කර ගැනීමටද නොහැකිවී ඇත.

පසුගිය යහපාලන සමයේ දුම්රිය සේවකයන් රැසක් විවිධ පළිගැනීම්වලට ලක්වූ අතර ඉන් සියදෙනකුගේ පමණ විනය පරීක්ෂණ මෙතෙක් අවසන් කර නැතැයි දුම්රිය ස්වශක්ති සංගමය පෙන්වා දෙයි.

විනය පරීක්ෂණ අවසානයේ චූදිතයන් බොහෝ දෙනෙක්ද නිදහස්වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙලෙස පරීක්ෂණ ප්‍රමාදවීම හේතුවෙන් වැටුප් ණය නොලැබීම, උසස්වීම් අහිමිවීම, වැටුප් වර්ධක නොලැබීම ආදී ගැටලු ගණනාවකට එම සේවකයන් මුහුණපාන බව ස්වශක්ති සංගමය වැඩිදුරටත් පවසයි.

(ශ්‍රී ලංකා මිරර්)