පුවත්පත් පනත සංශෝධනයට

පුවත්පත් පනත සංශෝධනයට

1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය (4 වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී  අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් දැනට පුවත්පත්වල ක්‍රියාකාරකම් පමණක් නියාමනය කිරීම වෙනුවට විද්‍යුත්, මුද්‍රිත හා ‘නව මාධ්‍ය’ යන සියලුම අංශ දක්වා පුළුල් කිරීම සඳහාද මෙහිදී අනුමැතිය හිමිවී තිබේ.

වර්තමාන අවශ්‍යතාවයට ගැපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා ඒ සඳහා අදහස් ලබාගැනීමට  මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් අදහස් හා යෝජනා ලබා ගැනීමටත් එම අදහස් යෝජනා වී ඇත.

පුවත්පත් මණ්ඩලය ව්‍යූහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යෙව්දීන් හා මාධ්‍ය ආයතන පිළීබඳව විනිශ්චාය ආයතනයක් ලෙසද ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත.