නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට වැඩ වරදින ලකුණු

නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට වැඩ වරදින ලකුණු

නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අද (05) සිට PCR පරීක්ෂණයට හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කිරීමට පියවරගන්නා බව පොලීසිය පවසයි.

මුහුණු ආවරණ නොපළදින හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අමතරව ඔවුන් මෙලෙස කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකිරීමට තීරණය කරඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගතවු පැය 24 තුළ ද නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2170 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.