මාස ගනනාවක් නවතා දමා තිබු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය අද සිට ක්‍රියාත්මකයි

මාස ගනනාවක් නවතා දමා තිබු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය අද සිට ක්‍රියාත්මකයි

මාස ගනනාවක් නවතා දමා තිබු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහන කිරීමේ කටයුතු 2021 ජනවාරි මස 07 වන දින එනම් අද දින සිට දැනට දුම්රිය ධාවනය වන ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට මේවනවිට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ,දැනට නරක් වන සුලු පාර්සල්, හදිසි හා සීඝ්‍රගාමී පාර්සල් ප්‍රවාහනයට භාර නොගන්නා අතර, අනෙකුත් සියලුම දෑ ප්‍රවාහනය සදහා භාර ගනු ලබන බවයි.

ඊට අමතරව කොවියිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මත දුම්රියයන් සදහා කලින් ආසන වෙන් කර මගීන් සදහා එම වෙන් කර ගත් ආසන සදහා නැවත මුදල් ගෙවීමේ කටයුතු ද අද දින දින සිට ඉදිරියට ලබා දීමට අවශ්‍ය පහසුකම් ද සැලසුම් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.