කොවිඩ් සමග රටේ දෛනික කටයුතු පවත්වාගෙන යාමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක විය යුතුයි

කොවිඩ් සමග රටේ දෛනික කටයුතු පවත්වාගෙන යාමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක විය යුතුයි

දැනට දිවයින තුල පවතින කොවිඩ්-19 වසංගත තත්වයත් සමග රට තුල දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් (08) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති කොවිඩ්-19 මර්දනය සදහා වූ ක්‍රියාකාරී හා සමාලෝචන කමිටු රස්වීමේ දී මෙම කරුණු අනාවරණය විය.

සංචාරක කර්මාන්තය නගා සිටුවීම අරමුණු කොටගෙන විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී ලබාදෙන මාර්ගෝපදේශයන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදි.