නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අද

නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අද

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (13) දින නැගෙනහිර ජැටියේ කිසිදු කොටසක් කිසිවෙකුටත් නොදෙන බවට ජනාධිපති ගෝඨාභය රට හමුවේ ප්‍රතිඥා දිය යුතු යයි ජනතා පෙත්සමට අත්සන් ලබාගැනීම 2021 ජනවාරි 13 (අද) දහවල් 12.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කොටස් ඉන්දියාවට හෝ වෙනත් රටකට හෝ සමාගමකට හෝ ආයෝජනය සඳහා යැයි පවසමින් පැවරීමට එරෙහිව මේ වන විට වරායේ සේවකයින් ප්‍රමුඛව වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්‍ෂවලද දැවැන්ත විරෝධයක් ගොඩනැගෙමින් පවතී. නමුත් මෙම පැවරීමේ ක්‍රියාවලියට ඍජුවම දායකත්වය සපයන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ දක්වා ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් පල නොකිරීම පුදුම සහගතය.

එබැවින් කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කිසිදු කොටසක් කිසිවෙකුටත් ආයෝජනය යැයි පවසමින් පැවරීමට විරුද්ධව දැවැන්ත ජනතා පෙත්සමක් අත්සන් කිරීමට අප කටයුතු සූදානම් කර ඇත. එහි ආරම්භක අවස්ථාව 2021 ජනවාරි 13 දවල් 12.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වේ.