වැඩබිම පළවූ ප්‍රවෘත්තියට කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමාගෙන් පැහැදිලි කිරීමක් කරයි

වැඩබිම පළවූ ප්‍රවෘත්තියට කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමාගෙන් පැහැදිලි කිරීමක් කරයි

21.01.07 අප වෙබ් සඟරාවේ පළවූ  “ කම්කරු දෙපාර්තමේන්තුවේත් කොවිඩ් අවදානමක්- කොමසාරිස් ජනරාල්ට චෝදනා“ යන මැයෙන් පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ, කම්කරු කොමසාරිස් ජෙනරාල්, නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවැරිදි කිරීමක් අප වෙත එවා ඇත. එම ලිපිය කිසිඳු සංශෝධනයකින් තොරව පහතින් දැක්වේ

ප්‍රධාන සංස්කාරක

තුමාගෙන්වැඩබිම වෙබ් අඩවිය

කොළඹ .

හිතවත් ප්‍රධාන සංස්කාරකතුමනි,

21.01.07  දින ඔබ වෙබ් අඩවියේ පල වූ කම්කරු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ covid  අවදානමක්.කොමසාරිස් ජෙනරාල්ට චෝදනා.....මැයෙන් පළ වී තිබූ ප්‍රවෘත්තිය පිළිබඳව.

කෝවිල්  වසංගත තත්වය හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු මහත් ලෝකයම අර්බුදකාරී තත්ත්වයකට පත්වූ බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.සත්‍ය වශයෙන්ම  කෝවිඩ් වසංගත තත්ත්වය තුළ පවා කම්කරු දෙපාර්තමේන්තුවට අර්බුදය වූයේ වසර ගණනාවක් තමන්ගේ ශ්‍රමය කැප කරමින් උපයාගත් මුදලින් සේවක අර්ථසාධක අරමුදලට ගෙවූ දායක මුදල් ලබාගැනීමට පැමිණෙන මේ රටේ වැඩකරන  ජනතාවට එම දායක මුදලේ ප්‍රතිලාභ  ලබාදීමට උපරිමයෙන් සේවය සලසන්නේ කෙසේද යන්නයි. 

නමක් ගමක් නොමැති වෘත්තීය සමිති නායකයෙකු යැයි කියන  පුද්ගලයකු මූලාශ්‍රය කොට ගනිමින් ,ඔහු පැවසී යැයි කියන තොරතුරු පදනම් කර ගනිමින්,ජනමාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව අවශේෂ පාර්ශවයන් ගෙන්එනම් කම්කරු කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් හෝ කම්කරු දෙපාර්තමේන්තුවේ වගකිව යුතු පුද්ගලයෙකුගෙන් මේ පිළිබඳව කිසිදු wadabima වැනි මේ රටේ යම් කිසි ආකාරයක ජනමාධ්‍යමය ගෞරවයක් රැකගත් වෙබ් අඩවියක් කටයුතු කළේ කෙසේද යන්න ගැටලුවකි.ඒ පිළිබඳව අපේ බලවත් අපේ බලවත් කණගාටුව සහ කළකිරීම වැඩබිම වෙබ් අඩවියට පල කරමු.

කම්කරු දෙපාර්තමේන්තුවේ බටහිර කොළඹ කාර්යාලයේ රියදුරු මහතා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වුවද ඔහු  නිසා සමස්ත කම්කරු කාර්යාලය ම වසා දැමීම කිසිසේත්ම කළ නොහැක්කක් සහ නොකළ යුත්තක්  බව මේ රටේ වැඩකරන පන්තිය වෙනුවෙන් කටයුතු කරන ඔබ වෙබ් අඩවිය දම පිළිගනු ඇතැයි විශ්වාස කරමි.

එම රියදුරු මහතා ආසාදිතයකු බවට හඳුනාගනු ලැබුවේ ද ලැබුවේ ද කම්කරු දෙපාර්තමේන්තුව විසින් සේවකයන් PCR පරීක්ෂණ සඳහා යොමු කරමින් අඛණ්ඩව පවත්වා ගෙන ගිය සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ නිසාය.ඉන් පසුව ද අඛණ්ඩව එම කාර්යාලවල විෂබීජහරණය කරමින් PCR පරීක්ෂණ සඳහා සේවකයන් යොමු කරමින්  මෙම ආයතනයේ සෞඛ්‍යාරක්ෂක  තත්වයන් වඩා ඉහළ තත්ත්වයක පවත්වාගෙන යෑමට අපි සියලූ විධිවිධාන යොදා කටයුතු කරගෙන ගියෙමු.දෙපාර්තමේන්තුව අනුගමනය කළ එම සෞඛ්‍යාරක්ෂක වැඩපිළිවෙළ නිසා ය නිසාය මෙම හෝ කෝව්ඩ් ආසාදිත සේවක සේවිකාවන් අපට හඳුනා ගැනීමට හැකි වූයේ යන්න සත්‍යයකි. එසේම එම තත්ත්වය තුළ වුවද කම්කරු දෙපාර්තමේන්තුවේ බටහිර කොළඹ කාර්යාලයේ සහ සෙසු අංශ වල  නිලධාරීන් පසුගිය කාලය පුරා සහ මේ දක්වා  පැමිණෙන ප්‍රතිලාභ හා සේවා  අපේක්ෂිත ජනතාවට කළ සේවය පිළිබඳ අපි ගෞරව කළ යුතුය.එසේම කම්කරු දෙපාර්තමේන්තුවේ සහ කම්කරු අමාත්‍යාංශයේ සේවක සේවිකා පොදු ප්‍රවාහන සේවා වලින් පැමිණීම වෙනුවට ඔවුන් සඳහා වෙනම කාර්යාල ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑමට මේ වන විටත් කටයුතු යොදා එය ක්‍රියාත්මක වෙමින් පවතී.

එසේම කාර්යාල පරිශ්‍රයට පැමිණ මහජනතාව වෙනුවෙන් ප්‍රධාන ප්‍රවේශ  දොරටුව අසල සිටම අදාළ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීමට යොදා ඇති වැඩ පිළිවෙල පැමිණ ඔබම දෑසින් දැකගන්නා ලෙස ආරාධනා කරමු .

අපගේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් සහ ඔවුන් කෝවිඩ් රෝගී තත්ත්වයන් ආසාදිත වීම වළක්වා ගැනීමට අපගේ පරිමාණයෙන් කළ හැකි සියලු විධිවිධාන යොදා ඇත.ඒ සමගම මෙය රටේ සුවහසක් වැඩකරන කම්කරු පන්තියේ ජනතාවගේ සුබසෙත වෙනුවෙන් කටයුතු කිරීම අපට අවම කිරීම හෝ පමා කිරීම හෝ  කිසිසේත්ම නොහැක.

එසේම මෙම ප්‍රවෘත්තියේ ඇති අපූරු සිදුවීම වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවට කිසිසේත්ම අදාළ නොවන මා මීට පෙර සේවය කළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු ද මෙම ප්‍රවෘත්තිය ඈඳා ගැනීමයි. මේ තුළින් අපට ප්‍රකාශ වන සත්‍ය නම්, කිසියම් අයෙකු යම්කිසි ආකාරයක මා කෙරෙහි වන පෞද්ගලික ද්වේෂ සහගත සිතුවිලි පෙරදැරිව අසත්‍ය, නිවැරදි සහ මනෝමූලික දත්ත මත අසධාරණ හා වැඩකරන පන්තිය ජනතාවට පාක්ෂික  නොවන, එසේම යථාර්ථවාදී නොවන කරුණු කාරණා ඉදිරිපත් කරමින් ඔබ ආයතනය නොමඟ යවා මෙම ප්‍රවෘත්තිය ගොඩනඟා ඇති බවයි.

wedabima හැම විටම පෙනී සිටියේ මේ රටේ වැඩකරන පන්තියේ ජනතාවගේ යහපත  සුබසෙත සහ ඔවුන්ට ඉටුකරන සාධාරණය වෙනුවෙන්ය. එබැවින් මෙම ප්‍රවෘත්තියට ද  ඔබ යථෝක්ත ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රමුඛත්වය ලබාදෙමින් පළ කර, මේ රටේ වැඩකරන පන්තියේ ජනතාව වෙනුවෙන් කැපවීමෙන්

සේවය කරන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක ප්‍රජාවට  සාධාරණය ඉටු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති

කම්කරු කොමසාරිස් ජෙනරාල් .