කොරෝනා නව ප්‍රභේද හා ඊනියා විශේෂඥයින්

කොරෝනා නව ප්‍රභේද හා ඊනියා විශේෂඥයින්

කොරෝනා නව ප්‍රභේද පිළිබඳව ශ්‍රී ලංකාවේ අපි හිටිහැටියේ කලබලයක් ඇති වූවාට, දැනට ලොව පුරා ව්‍යාප්තව තිබෙන වෛරසය පවා, චීනයේ වූහාන් වල ඇතිවූ මුලම කොරෝනා වෛරසයේ ප්‍රභේදයක් බව අපි අමතක කරන්න හොද නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව, ලොව පුරා දැනට පැතිරෙමින් තිබෙන්නේ 2020 ජනවාරි අගදී මතුවූ "D614G" නැමති චීන විකෘත්තියයි.

කොරෝනා පවුලේ වෛරස ප්‍රභේද හදන එක සාමාන්‍ය තත්වයක් වුවද, කෙතරම් ප්‍රභේද පවතින්නේද හා ඇතිවන්නේද යන්න, ඒ පිළිබදව සිදු කෙරෙන අධ්‍යනයන් ප්‍රමාණය මත රදා පවතියි. වසංගත පාලනය, රෝග ව්‍යප්තිය, මරණ සංඛ්‍යාව පමණක් නොව ප්‍රතිශක්තිකරණ එන්නත්වල සඵල දායක බව සදහාත් ප්‍රභේද හදුනා ගැනීම වැදගත් වන බැවින් ලොව බොහෝ රටවල ප්‍රභේද හදුනා ගැනීම සදහා විශාල මැදිහත් වීමක් කරමින් සිටී.

පසුගියදා ශ්‍රී ලංකාවෙන් හදුනාගත් එක්සත් රාජධානි ප්‍රභේදයට අමතරව, දකුණු ආසියාව, ජපානය, ඩෙන්මාර්කය ආශ්‍රිතව මුල් වරට සොයා ගැනිමින් ව්‍යාප්ත වන ප්‍රධාන ප්‍රභේදයන්ට අමතරව, ප්‍රභේද තිහක පමණ ප්‍රමාණයක්, ලොව පුරා රටවල් 90ක පමණ ව්‍යාපතව ඇත.

මෙම ප්‍රභේද මුලින් සොයාගත් රටවල් වල නමින් හැදින්වීම සිරිතක්ව පැවතියද, ඒවා එම රටවල නිර්මාණය වූ බව අප රටේ ඒවා නොමැති බව ඉන් කියවෙන්නේ නැත.

මෑතකදී සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සඳහා ගෙන්වාගත් යුක්‍රේනයේ ද වන විට කොරෝනා ප්‍රභේද පහක් පිළිබඳව අධ්‍යනය කරමින් පවතී. ඒ නිසා ප්‍රභේද යනු අපට වූවාට, ශ්‍රී ලංකාවේදී මෙතෙක් නව ප්‍රභේද හමු නොවූයේ, අපි ඒ පිළිබදව නිවැරදි අවධානයෙන් පරීක්ෂණ නොකරන නිසා වෙන්නත් පුළුවන්.

නව ප්‍රභේද හදුනා ගැනීමටනම් අපි PCR පරීක්ෂණ මගින් හදුනා ගන්න වෛරස නිදර්ශක ජාන අනුක්‍රමික විෂ්ලේෂණයකට ලක් කල යුතුයි. ඒ සදහා ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍ර අත්‍යාවශ්‍ය වෙනවා. PCR පරීක්ෂාවකින් නව ප්‍රභේද හදුනා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් පුදුමයට කරුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු එකම රසායනාගාරයකවත් ජාන අනුක්‍රමික විෂ්ලෙශක යන්ත්‍රයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීමයි.

කොරෝනා පවුලේ වෛරස සාමාන්‍යයෙන් ම නව ප්‍රභේද සෑදීමේ ප්‍රවණතාවක් සහිත වන බැවින් නව ප්‍රභේද හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍ර අප බණ්ඩාරනයක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ මුල්ලෙරියාව හෝ වෛද්‍ය පර්‍යේෂණ ආයතනයට ඉල්ලමින් සිටින්නේ පසුගිය අප්‍රේල් මාසයේ ඉදලා.

මෙම යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ලෝක බැංකු ආධාර අපේ යුනිසෙෆ් ආයතනය ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබූ අවස්ථාවක "කොරෝනා දැන් ඉවරයි" කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් මුලින්ම එම අවස්ථාව මඟ හැරියා.

ලංකාවේ ඉන්න සියළුම වෛරසවේදීන් රජයේ රෝහල් වල සේවය කරමින් සිටියදී රජය අධ්‍යාපන අමාත්‍යාංශ රසායනාගාරයකට ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍රයක් ලබා දෙනවා.

ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒකෙන් වැටුප් ලබන වෛරසවේදීන් සහ අපි පවා ඒ පිළිබදව ලැජ්ජා වෙන්න ඕනේ.
ඊට පස්සේ රට රවට්ටන්න ගන්නවා සාමාන්‍ය PCR පරීක්ෂණයකින් ප්‍රභේද හොයන්න පුළුවං කියලා. දැං වසසංගත අංශය කියනවා ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය නැහැ කියලා. ඔහු එහෙම කියන්නේ වෛද්‍ය රසායනාගාර සේවාවේ කාගෙන් උපදෙස් අරගෙනද කියන එක අපි තාම හොයනවා.

කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම, ඒක රට තුල ව්‍යාප්ත වීමෙන් පසුව සිදු කරන්න බැහැ. අපේ රටේ ව්‍යාප්තවන ප්‍රභේද පිළිබදව නිසි අවබෝධයක් තිබීම, රටට ගෙනවන ප්‍රතිශක්තිකරණ එන්නත තීරණය කර ගැනීමට සහ එන්නත් වැඩසටහ සාර්ථක කර ගැනීමට පවා සෘජු ලෙසම වැදගත් වෙනවා.

නව ප්‍රභේද රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට ඇති හොදම ක්‍රමය රට තුළට ඇතුල්වන නව කණ්ඩායම් අතර හදුනා ගන්නා

කොරෝනා ආසාදිතයන් සදහා ක්‍රමවත් සැලැස්මකට ජාන විෂ්ලේශණය කිරීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට යන්ත්‍ර ලබා දෙන්නේ නැතුව, අධ්‍යාපන අමාත්‍යාංශය පස්සේ ගිහින් අපිට ඒක කරන්න බැහැ.

රටට ඇතුලුවන අගමනිකයින් පරීක්ෂාවට ලක් කරන, ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටුවා ඇති සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාරයට, අවශ්‍ය ඕනෑම මොහොතක ජන විෂ්ලේෂණයක් සිදුකිරීමේ හැකියාව තියෙන්න ඕනේ නැහැ කියන සෞඛ්‍ය බලධාරියෙක් ඉන්නවානම්, ඔහුට විශාල අස්නිපයක් තියෙන්න ඕනේ. එසේම නව රෝග ලක්ෂණ හෝ නව ප්‍රවණතාවයන් පෙන්න්වමින් රට තුළ ක්‍රියාකාරී වන කොරෝනා පොකුරු හඳුනා ගන්නා මූලික අවස්ථාවේදීම ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් ආසාදිතයින්ගේ නිදර්ශක වැඩිදුර අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍යයෙන්ම කල යුතුයි. අනිත් අතට මෙම යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර වලට අවශ්‍ය කොරෝනා සදහාම පමණක් නොවන බවත් සෞඛ්‍ය බලධාරීන් අවබෝධ කර ගන්න ඕනේ.

2015 වර්ෂයේ ඉදලා අපි මේ අවශ්‍යතාවය මතු කරන්නේ, රෝග හඳුනාගැනීමේ අනාගත සෞඛ්‍ය සේවාව යාන්ත්‍රණය සඳහා අත්‍යවශ්‍ය යන්ත්‍රයක් එය. එය ඉතා විශාල මුදලක් බව හැඟවීමට මුන් උත්සහ කරන ලද ඉතා විශාල මුදලක් බව හැඟවීමට ඇතැමුන් උත්සාහ කරනු ලැබුවද මිලියන අටේ සිට 60 දක්වා මිලකට මෙවන් යන්ත්‍ර මිලදී ගැනීමේ හැකියාව තියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගැනීම් වලට සාපේක්ෂව ඒක, විශාල මුදලක් නෙවේ.

කොහොම වුණත්, නව ප්‍රභේද සමඟ ඇරඹෙන කොරෝනාවේ නව පරිච්ඡේදයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා අප රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටිතල පහසුකම් වලින් ශක්තිමත් අත්‍යාවශ්‍ය බව සාම්දායික තීරණ වල එල්බගෙන සිටින ප්‍රතිපත්ති තීරකයින් හා තමන්ට හිතවත් සන්නාම රැක ගැනීම එකම ඉලක්කය කරගෙන ඉන්න ඊනියා විශේෂඥයින් තරයේ සිහි තබා ගැනීම ඉතා වැදගත්.

රවී කුමුදේශ්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය