විශ්‍රාමිකයින්ගේ විරෝධතා සමුලූවක්

විශ්‍රාමිකයින්ගේ විරෝධතා සමුලූවක්

2016. 01. 01 සිට 2019. 12. 31 දක්වා විශ්‍රාම ගිය 120,000 කට අධික විශ්‍රාමිකයින්ට 2020. 01. 01 සිට ගෙවිය යුතු විශ්‍රාම වැටුප වර්තමාන ආණ්ඩුව විසින් අත්හිටුවීම නිසා පසුගිය වසර පුරාම මේ සම්බන්ධව විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී.

එහෙත් ආණ්ඩුව මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදී මුනිවත රකිමින් සිටී. එම නිසා ඊට එරෙහිව වෘත්තීය සමිති නායකයින් අමතන විරෝධතා සමුලූවක් 2021 ජනවාරි මස 20 දින පෙරවරු 10.00ට විහාරමහාදේවී උද්‍යානය අසල පැවැත්වීමට විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.