මාසික වැටුප ඉල්ලා show to show ආයතනයේ සේවකයෝ විරෝධතාවයක

Previous Next

2021 ජනවාරි මස 10 වෙනි දින ලැබිය යුතු මාසික වැටුප නොලැබුණු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ show to show ආයතනයේ සේවකයන් අද කටුනායක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අසල මේ වන විට විරෝධතාවයක නිරත වී සිටී.

කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ ලේබල් නිෂ්පාදනයේ යෙදෙන show to show ආයතනයේ පාලකයන් විසින් මෙම සේවකයන්ට නියමිත දිනට වැටුප් ලබා නොදීම සිදු කරන්නේ අදක ඊයෙක සිට නොවේ කාලයක සිටය.

ඔවුන් සෑම මාසයකම වැටුප් ලබා ගැනීම සඳහා අරගලයක යෙදිය යුතුය. එසේම මෙම ආයතනයේ සේවක සේවිකාවන්ට හිමි අර්ථසාධක අරමුදල් සේවක භාරකාර අරමුදල් තැන්පත් කිරීමද ආයතන හිමිකරු විසින් මේ වන විට මගේ පැහැර සිටී.

නියමිත දිනට වැටුප් නොගෙවීම සේවක භාරකාර අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම ඇතුළු show to show හාම්පුතාගේ අසාධාරණ ක්‍රියා පිළිවෙත පිළිබඳව  කම්කරු කොමසාරිස්වරයාටත් මීගමුව  කම්කරු කාර්යාලයටත් කටුනායක ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලයටත් දිගින් දිගටම දන්වා ඇතත් අද වනතුරුත් මේ සඳහා සාධාරණ පිළිතුරක් ඔවුන් වෙත ලැබී නැත.

මේ මස වැටුප් ගෙවිය යුතු දින සිට අදට දින 08 ක් ගෙවී ඇතත් අදත් වැටුප් නොගෙන බව සේවකයන්ට දැනගන්න ලැබී ඇත.

එසේම පසුගිය දිනවල දිගින් දිගටම ආයතනය විසින් සේවකයන්ට නිවාඩු ද ලබා දී ඇත.

show to show ආයතනයේ සේවකයන් පවසන්නේ නියමිත දිනට තමාගේ වැටුප ලබා දෙන්නටත් තමාට හිමි අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් නිසි ලෙස තැන්පත් කර තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසත්ය.