වරාය වෘත්තීය සමිති දෙවන දිනටත් අකුරට වැඩ

වරාය වෘත්තීය සමිති දෙවන දිනටත් අකුරට වැඩ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට එරෙහිව වරාය ඒවකයින් විසින් ආරම්භකරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

වරාය වෘත්තීය සමිති 23 ක් තවදුරටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. ඊයේ දහවල් 12 සිට ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා දැමීම නතර කරන ලෙස රජයට බල කරමින්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුවේ සම කැඳවුම්කරු සංජය කුමාර මහතා ප්‍රකාශ කරන්නේ සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුනොත් එළැඹෙන සඳුදා සිට දීපව්‍යාප්තව වැඩවර්ජනයකට අවතීරණය වන බවයි.