කොවිඩ් එන්නත ලබාදීමේදී ගුරුවරුන්ට සහ පාසල් දරුවන්ට ද ප්‍රමුඛස්ථානය ලබාදෙන්න

කොවිඩ් එන්නත ලබාදීමේදී ගුරුවරුන්ට සහ පාසල් දරුවන්ට ද ප්‍රමුඛස්ථානය ලබාදෙන්න

 මේ වනවිට අපේ රටේ ලක්ෂ 42 ක් පමණ පාසල් දරුවන් සිටිනවා. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම මේ දරුවන්ගේ වටිනාකම හොදින්ම දන්නවා. ඒ නිසා තමයි මම අද ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළේ, මෙරටට ලැබුණ කොවිඩ් එන්නත ලබාදීමේදී, අපේ පාසල් පද්ධතියටත් ප්‍රමුඛස්ථානයක් ලබාදෙන්න කියලා. අපේ සෞඛ්‍ය අංශ වෙත ප්‍රථමයෙන්ම මෙය ලබාදීම ඉතාමත් වැදගත්.

ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි අංශයන්ටත් විදුලි බලාගාර ආශ්‍රිත සේවයන්ටත් ප්‍රමුඛස්ථානයක් ලබාදීම රජයේ වැදගත් පියවරක්. ඒ වගේම අපේ දරුවන්ගේ දෙනෙත් පාදන ගුරු පරපුර ගැනත් අපි සැලකිළිමත් වියයුතුමයි. ඔවුන්ටත් මෙවර සාමාන්‍ය පෙළ සදහා ඉදිරිපත් වන දරුවන්ටත් මෙම එන්නත ලබාදීමේදී ප්‍රමුඛස්ථානයක් දියයුතුයි යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, (29) දින පස්වරුවේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ පැවති ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රමයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.