“වැඩකරන ජන බලයෙන්“ වරාය විකිණීමට එරෙහිව පෝස්ටර් ඇලවීම අද

“වැඩකරන ජන බලයෙන්“ වරාය විකිණීමට එරෙහිව පෝස්ටර් ඇලවීම අද

වරාය විකිනීමක විකිනීමට එරෙහිව අද (31) දින “වැඩකරන ජන බලය“ වෘත්තීය සමිති සන්ධානය විසින් විරෝධතා පොස්ටර් ඇලවීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අද දින (31) පෙරවරු 10. 30ට කොටුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉදිරිපිට ඛාන් ඔරලෝසු කණුව අසලින් ආරම්භ කරන බවත් ඒ සඳහා පොදු දේපළ විකිණීමට එරෙහි වන රටේ ඕනෑම පුරවැසියකුට මේ සඳහා සහභාගි විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

වෘත්තීය සමිති සන්දානයේ නියෝජිතයකු වැඩිදුරටත් පැවැසුවේ මේ සඳහා පොදුවේ ගන්නා ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට “වැඩකරන ජනබලය“ වෘත්තීය සන්ධානය සුදානම් බවයි.