වරාය විකිණීමට එරෙහි අද උද්ඝෝෂණ මාළාවක්

වරාය විකිණීමට එරෙහි අද උද්ඝෝෂණ මාළාවක්

කොළඹ වරාය විකිණීමට එරෙහි කොළඹ දිස්ත‍්‍රික් උද්ඝෝෂණ මාලාවක් 2021 පෙබරවාරි 01 දින දහවල් 12.00ට පහත සඳහන් ස්ථාන වල පවත්වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොළඹ වරායේ කොටස් ඉන්දියාවට හෝ වෙනත් රටකට හෝ සමාගමකට හෝ ආයෝජනය සඳහා යැයි පවසමින් පැවරීමට එරෙහිව මේ වන විට වරායේ සේවකයින් ප්‍රමුඛව වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්‍ෂවලද දැවැන්ත විරෝධයක් එල්ලවෙමින් ඇත.

මෙම විරෝධතාවලට සමගාමීව පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ කොළඹ දිස්ත්‍රික් උද්ඝෝෂණ පහත සඳහන් ස්ථානවලදී දවල් 12.00 ට පවත්වනු ලැබේ.

කොළඹ විදුලි බල මණ්ඩල මුලස්ථාන කාර්යාලය ඉදිරිපිට
කොළඹ මහනගර සභාව ඉදිරිපිටදී
රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී
දේශීය ආදායම් හා මහජන බැංකු කාර්යාලය ඉදිරිපිටදී
රත්මලාන ගොලූ මඩම හන්දියේ ජල සම්පාදන කාර්යාලය ඉදිරිපිටදී (දවල් 12.30)
කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී (විරෝධතා පෙත්සම)
කලූබෝවිල රෝහල, ජපුර රෝහල් ඉදිරිපිටදී (විරෝධතා පෙත්සම)