වරාය රහස් ගිවිසුම වහා රටට හෙලි කරනු

වරාය රහස් ගිවිසුම වහා රටට හෙලි කරනු

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ත්‍රෛපාර්ශවීය එකඟතා ගිවිසුම ආණ්ඩුව වහා ප්‍රකාශයට පත් කළ යුතු බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මාස කිහිපයක් පුරා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටුමල වරාය වෘත්තීය සමිති හවුල විසින් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් ලෙස දියත් කරනු අපි ඉතා ඕනෑකමින් බලා සිටියෙමු.

ඒ සම්බන්ධයෙන් නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් වෙත පවරා ඇතැයි වරාය වෘත්තීය සමිති හවුල විසින් ඉදිරිපත් කළ චෝදනාවට ආණ්ඩුවේ පිළිතුර වූයේ එහි කිසිදු පංගුවක් කිසිවකුට අලෙවිකර නැති බවත් එහි බහුතර අයිතිය වරාය සතුව තබා ගනිමින් ඉතිරිය ඉන්දියාවට හා කැමැත්තක් දක්වන වෙනත් පාර්ශව සඳහා ආයෝජනයට ඉඩ තබා ඇති බවත් ය.

ඒ සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති හවුලේ නායකයින් ජනාධිපති සමගත් පසුව අගමැති සමගත් සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡා මගින් ඔවුන් අතර පැහැදිලි එකඟතාවක් ඇති නොවූ බැව් නැවත ප්‍රකාශ කෙරුණු විරෝධතා මගින් පෙන්නුවකි.

ආණ්ඩුවද ඒ සම්බන්ධව සිය ස්ථාවරය කෙමෙන් වෙනස් කළ අතරල නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ආයෝජන සඳහා ඉදිරිපත් කිරීමේ වෙනත් යෝජනා ප්‍රසිද්ධ කෙරිණග ඒ සමග ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තතයේ හිමිකාරිත්වය වෙනත් පාර්ශවයකට ලබා දෙනවාට විරුද්ධ බැව් පසුගිය ජනවාරි 31 වන දින මාධ්‍යයට ප්‍රකාශකර තිබිණග නැගෙනහිර පර්යන්තයේ අයිතිය සියයට සියයක්ම වරාය සතුව තබා ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ පසු දින මාධ්‍යයට කියා තිබිණග ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අගමැති මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති සමග පැවසූ බව සඳහන් විය.

ආණ්ඩුවේ මේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඊයේ පෙබරවාරි 01 වන දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා තිබූයේ ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවට දන්වා සිටින්නේ 2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹදී ශ්‍රී ලංකාණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම වහා ක්‍රියාවට දැමිය යුතු යැයි කියා ය.

එසේ තිබියදීත් ඊයේ පෙබරවාරි 01 වන දින ආණ්ඩුව නැගෙනහිර පර්යන්තයේ පූර්ණ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරය යටතේ පවත්වා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇතග මෙය අවසන් විසඳුම නොවන බව අපගේ විශ්වාසය වන්නේයග ඉන්දියාව හා ජපානය සමග ඇති ත්‍රෛපාර්ශවීය ගිවිසුම එමගින් අහෝසි නොවන බැව් අපි දනිමු.

එබැවින් ඒ ත්‍රෛපාර්ශවීය එකඟතා ගිවිසුමෙහි අඩංගුව කුමක්දැයි දැන ගැනීමේ අයිතිය මේ රටේ වෘත්තීය සමිති වලට පමණක් නොවල සියලු ජනතාවටම ඇතග එවැන්නක් විශේෂයෙන්ම වරාය පර්යන්තයක් වැනි ආර්ථික වශයෙන් මෙන්ම ආරක්ෂක සාධකයක් ලෙසින්ද ඉතා සංවේදී ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ආණ්ඩුවක් වෙනත් රටවල් සමග ඇති කරගන්නා එකඟතා කවරේදැයි කල් තබා දැන ගැනීමේත් ඒ සම්බන්ධ සමාජ කතිකාවක් පැවැත්වීමේත් අයිතිය ජනතාව සතු අයිතියකි.

 ryiaඑබැවින් අප ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින්නේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු දින සහිතව ප්‍රකාශ කළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග අත්සන්කර ඇති එම ත්‍රෛපාර්ශවීය එකඟතා ගිවිසුම වහා ප්‍රකාශයට පත් කරන මෙන්ය.