කොවිඩ් එන්නත අඟලුම් සේවිකාවන්ටත්

කොවිඩ් එන්නත අඟලුම් සේවිකාවන්ටත්

 මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ සියලුම සේවකයින් කොවිඩ් - 19 එන්නත් සඳහා අරමුදල් සැපයීමට කර්මාන්තය සුදානම් බවත් අප්‍රේල් හෝ මැයි මාසය වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමාරන් මහතා පවසයි.

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද කොවිඩ් - 19 අර්බුදයේ මෙරටේ ඇඟලුම් අංශය යථා තත්ත්වයට පත් කිරීම යන මාතෘකව යටතේ පැවැති උත්සවයක් අමතමින් සභාපතිවරයා මේ බව කීය. එමෙන්ම රටේ ආර්ථිකයේ යහපැවැත්ම සඳහා සියලුම අපනයන සමාගම් තම සේවකයින්ගේ ප්‍රතිශක්තිකරණයට ප්‍රමුඛතාව දීම සිදු කළ යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය. මේ අනුව ඉදිරි මාස තුන ඇතුළත ඇඟලුම් ක්ෂේත්‍රයේ 350,000ක පමණ ශ්‍රම බලකායට කොරෝනා එන්නත් ලබා දීමෙන් 2021 වසරේදී කර්මාන්තයට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.